Spread the love


නිමල් රාජපක්ෂ-

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා නියෝග කර ඇත.

ඒ අනුව මැයි මස 04 වන බ්‍රහස්පතින්දා දින සිට 06 වන සෙනසුරාදා දින දක්වා එකී සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුතු කලයුතු වන අතර, එසේ කිරීමට අපොහොසත්වන සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් දී ඇත.

මෙම කාල සීමාව ආවරණය කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමය පරිදි සහකාර සුරාබදු කොමසාරිස් කොට්ඨාශ 13කින්ද, සුරාබදු අධිකාරි කොට්ඨාශ 31කින් සහ දිවයින පුරා ව්‍යාප්තව පවතින සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 05කින් සහ සුරාබදු ස්ථාන 57ක් යටතේ සැපයුම් දාම නියාමනය කිරීමේ සහ නීති ක්‍රියාත්මක කිරීමේ රාජකාරි සඳහා 1000කින් සමන්විත වන සුරාබදු කාර්යමණ්ඩලයක් යොදවා ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් (ආදායම් මෙහෙයුම් හා නිීති ක්‍රියාත්මක කිරීම් ) කපිල කුමාරසිංහ මහතා පවසයි.

සුරාබදු අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ හා දුම්කොළ අපරාධ වලක්වාලමින් සාර්ථක වැටලීම් සිදු කිරීම සදහා මහජනතාව අප වෙත ලබා දෙන පැමිණිලි මහත් පිටුවහලක් වන අතර, ඒ සදහා 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මෙන්ම 011 2 877 688 අංකයට ෆැක්ස් මගින් ද, oicoptroom@excise.gov.lk විද්‍යුත් තැපෑල මගින් ද එම පැමිණිලි ඉදිරියටත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත යොමු කරන මෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ. එසේ තොරතුරු ලබා දෙන්නන්ගේ රහස්‍ය භාවය රකින බවද කපිල කුමාරසිංංහ මහතා වැඩිි දුරටත් පැවසුවේය.