නිමල් රාජපක්ෂ-
යහගුණ පිරි දරුවකු සමාජයට බිහිකිරීමේ මුලික අධිතාලම ඇතිකිරීමට පුහුුණු ගුරු වෘත්තිකයින් බිහි කිරීම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරි මගින් සිදු කරන බව එහි උප සභාපති එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා මහතා පවසයි.
උපසභාපති වරයා එසේ පැවසුවේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මගින් සාමාන්‍ය ළමා සුරැකුම් සහ පෙර පාසල් ගුරු පුහුණු ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටම (NVQ Level 4) පාඨමාලාව සාර්ථකව නිමකල ආධුනිකයින් 56 දෙනෙකුට ඊයේ (10)කැණිමඩල ශ්‍රවණාගාරයේදී NVQ සහතික පත්‍ර ප්‍රධානය කළ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු උප සභාපති හරිස්චන්ද්‍ර මහතා , අද මෙම පාඨමාලාව නිමකළ වෘත්තිකයින් කිසිදු බියක් චකිතයක් නොමැතිව පෙරපාසලක ,දිවාසුරකුම් මධ්‍යස්ථානයක රැකියාවකට යොමුවීමේ මුලික අධිතාලම දමා අවසන්. මන්ද සමාජයේ කාර්ය බහුලත්වයත් සමගින් බොහෝ දරුවන් දිවා සුරකුම් මධ්‍යස්ථානවල දමා දෙමාපියන් රැකියාවල නිරත වනු ඇත.
දිවා සුරකුම් මධ්‍යස්ථානයක් යනු ප්රමිතියගත පුහුණුව ලැබුවන් දරුවන් බලා ගැනිමේ කාර්යයේද නිරත වියයුතුයි.එහි මුලික අධිතාලම ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරියෙන් ලබා තිබීම විශේෂත්වයක් . අද බොහෝ ස්ථානවල පෙර පාසල් දක්නට ඇත. නමුත් මේ වනවිට රජයේ ප්‍රමිතීන්ට අනුව පෙර පාසල් පවත්වාගෙන යායුතු බවට නීති පනවා තිබේ. පෙර පාසල් ගුරුවරුන්ද පලාත් සභා ප්‍රදේශීය සභාවල ලියා පදිංචි විය යුතුවෙයි. ඒ සදහා පුහුණුවක් ලැබු අය වීම විශේෂත්වයකි. යහගුණ පිරි දරුවකු සමාජයට බිහිකරන්නේ පෙර පාසළ තුළිණි. එවැනි දරුවකු සමාජයට බිහි කිරිමට දරුවාට අකුරු කරන ගුරුවරයා විශේෂිත වු පුහුණුවක් ලබා තිබිය යුතුයි.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියෙන් වසර තුනක පුහුණුව ලත් වෘත්තිකයින් ඉදිරියේදි රැකියාවකට යාමේදී අද ඹබට ලබා දෙන සහතිකය ඉමහත් රුකුලක් වනු නොඅනුමානයි යනුවෙන්ද සදහන් කළේය.
තව දුරටත් අදහස් දැක්වු හරිස්චන්ද්‍ර මහතා , මේ වනවිට මෙම පාඨමාලාව සදහා ඊළග අධියරේ පුහුණු වීම් පටන් ගෙන තිබෙනවා . දැනට ඒ සදහා සියයකට ආසන්න පිරිසක් සිටින බවද , ඹවුන්ද නිසි පුහුණුව නිම කිරීමෙන් පසු හොද යහපත් පෞර්ෂත්වයකින් සමාජගත විය හැකි බවද පැවසුවේය.
මෙම අවස්ථාවට අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.එස්. විජේසිංහ, අධ්යක්ෂ (පුහුණු) නිලන්ත ද සිල්වා, සහකාර අධ්යක්ෂ (කාර්යස්ථ පුහුණු) ඩබ්.ඒ.කේ.එස්. කුමාර, සහකාර අධ්යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන) ප්‍රියන්ත ප්‍රනාන්දු, නයිටා කොළඹ දිස්ත්‍රික් කළමනාකරු එම්.ආර්.බී.ඒ.එස්. ගුණරත්න මහතා, පුහුණු කිරීමේ නිලධාරිනී ටී.එල් ටී තුෂාරි යන මහත්ම මහත්මීන් ඇතුළු කොළඹ දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.