Spread the love

දැඩි ආර්ථික අර්බුදයකට රට පත්ව තිබියදී සමෘද්ධි බැංකු විසින් අලුත් අවුරුදු උත්සව 1074 පැවැත්වීමට සැලසුම් කර ඇතැයි සමෘද්ධි වෘත්තිය සංගම් එකමුතුව සඳහන් කරයි.
මෙම අවුරුදු උත්සව සංවිධානය කර ඇත්තේ සමෘද්ධි බැංකු 1074 මූලික කර ගනිමින් බවද එම එකමුතුවේ ජාතික සංවිධායක චාමර මද්දුමකළුගේ මහතා කියා සිටියේය.

එක් අවුරුදු උත්සවයක් සඳහා සමෘද්ධි බැංකුවක් මගින් රුපියල් 75,000 ක මුදලක් වියදම් කළ යුතු බවට යෝජනා කර ඇතැයි ද පැවසූ ඔහු ඊට වඩා වැඩි මුදලක් වියදම් වන්නේ නම් අදාළ මුදල් සමෘද්ධි ලාභීන්ගෙන් එකතු කර ගැනීමට ද සැලසුම් කර ඇතැයි පැවසීය.