Spread the love

එළඹෙන අප්‍රේල් 25 වන දා පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

මැතිවරණ කොමිසම අද මේ පිළිබද නිවේදනය කළා.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරැන් සමග පැවති සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය පිළිබද නිශ්චිත තීන්දුවකට එළඹීමට නොහැකි වු බවයි කොමිසම නිවේදනය කළේ.

ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම ද සැලසුම් කළ දිනට සිදු නොකෙරෙනු ඇති.