Spread the love

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාටි අධිකරණයක් මගින් වසර 2ක සිර දඬුවමක් නියම කර තිබේ.

සාපරාධී අපහාස නඩුවකට අදාළව ඔහුට මෙම දඬුවම නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2019 වසරේ පැවති මැතිවරණ රැළියකදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව සිදුකළ ප්‍රකාශයකින් රාහුල් ගාන්ධි සමස්ත මෝදි ප්‍රජාවටම අපකීර්තියක් සිදුකර ඇති බව පවසමින් භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් අදාළ නඩුව පවරා තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නඩුවේ තීන්දුවට අනුව විපක්ෂ නායක රාහුල් ගාන්ධි හට සිර දඬුවමක් නියම වුවද තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඉඩ සලසමින් සිර දඬුවම දින 30කට අත්හිටුවා ඇති බවය.