Spread the love

ටජිකිස්ථානයේ නොවෝබොඩ් හි ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය සිදුව ඇති බවය. 

එහි කම්පනය කිළෝ මීටර 51ක කලාපයක් සදහා දැනී ඇති බවද අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වාර්තා කර තිබේ.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බවය.