Spread the love

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගේ දෑත් කපා රැගෙන යන අයුරු ඒ අසල තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබේ.

තුවාල ලත් පුද්ගලයා ගිලන් රථයක් මගින් පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතත් කපා දැමී අත් කොටස් නොමැති වීම මත අත් බද්ද කිරීමට නොහැකි තත්වයක් ඇතිව තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ අත් වල කොටස් පහරදුන් සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවයි.

පහර දුන් සැකකරුවන් පිළිබඳව තොරතුරු පොලිසියට තුවාලකරු විසින් ලබා දී ඇති අතර මේ වන විට ඔහු ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටියි.

වැලමිටෙන් පහළ කොටස ශරීරය වෙන් වෙන්නම කපා ඇති අතර එම කොටස් පහරදුන් පුද්ගලයා විසින් රැගෙන ගොස් තිබේ. දෑත් කොටස් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

දෙදනා අතර මත්පැන් සාදයකදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුකර ඇතැයි ද තොරතුරු හෙළි වී ඇත.