Spread the love

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි කඩිනමින් සපුරා නොගතහොත් දෙවැනි ණය වාරික නොලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.


ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදල් සහාය ලැබීම ගැන සන්තෝෂ වන බවත් ආර්ථිකය ගොඩ ගැනීමට සහනයක් ලැබීම ගැන සතුටු විය හැකි බවත් හෙතෙම පැවසීය.


ඒ සඳහා සහය වූ සැම දෙනාටම ස්තූතිවන්ත වන බවද හෙතෙම සදහන් කලේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වල මීළඟ කොටස ඉතා අසීරු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසි සපුරා නොගතහොත් දෙවැනි වාරික මුදල නොලැබෙන බවද පැවසූ ඔහු කොටස් වශයෙන් ණය ලබාදෙන්නේ ඒ නිසා බවද කියා සිටියේය.

පාර්ලිමේන්තු අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.