Spread the love

2022 – 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරික්ෂණයේ ප්‍රතිඵල මත 2023- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කර ඇත.

2023.03.23 දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් සබැඳිය ඔස්සේ පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකිය.

මෙම කඩ ඉම් ලකුණු මත 2022 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇතත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන් හට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත (Online) ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසා දෙනු ඇති අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙනු ඇත.

සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් 2023.05.01 දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු අතර පැමිණ භාර දෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කෙරෙන අභියාචනා අයදුම්පත් ප්‍රතික්‍ෂේප කෙරෙනු ඇත.