Spread the love

නිමල් රාජපක්ෂ-

සෞඛ්‍ය කළමණාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය අනුරාධපුර ශික්ෂණ රෝහල් ක්‍රිකට් කණ්ඩායමට හිමිවිය .එහි අනුශූරතාවය අම්පාර මහ රෝහලේ ක්‍රිකට් කණ්ඩායම දිනාගන්හ.

සෞඛ්‍ය කළමණාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පසුගියදා මහනුවර පොලිස් ක්‍රිඩාංගණයේ දී සහ ගැටඹේ ක්‍රීඩාංගණයේ දී දිනය පුරා පැවැත්වුහ.

මෙම ක්‍රිකට් තරඟාවලිය සදහා දිවයින පුරා සියළුම දිස්ත්‍රික්කවලට අයත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන නියෝජනය කරමින් කණ්ඩායම් 24 ක් සහභාගීවුහ.

මෙම ක්‍රිකට් තරඟාවලිය සංවිධානය කිරීමේ අරමුණු වී තිබුනේ දිවයින පුරා වන සෞඛ්‍ය ආයතන වල සෞඛ්‍ය සේවක සම්බන්ධතාවය වර්ධනය කර ගැනීමත්, වත්මන් ආර්ථීක සාමාජීය තත්ත්වයන් යටතේ සෞඛ්‍ය කළමණාකරණ නිලධාරින්ගේ මානසික ආතතිය දුරු කිරීම සහෝදරත්වය හා රැකියා තෘප්තිය වර්ධනය කිරිමත්, ක්‍රීඩා කුසලතා ඉහළ නංවමින් නිරෝගී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් බිහිකිරීමත් විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක, සෞඛ්‍ය කළමණාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නාමල් ජයසිංහ, ලේකම් එල්.කේ.එච් තිලකසේන, රෝහල් පරිපාලන නිලධාරින් ඇතුලු සෞඛ්‍ය කළමණාකරණ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.