Spread the love

අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම භාවිත කළ හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අවුරුදු 4 ක කාලසීමාව තුළ ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළින් ඉවතට යාමට නොහැකි බවත් ඒ හේතුවෙන් මෙම විශ්වාසවන්ත බව විනිවිදභාවය ආරක්ෂා කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අයවැය පවත්වාගෙන යනවිට ඒ සඳහා සහයෝගය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් අනුමත කරන ලද මුදල් භාවිත කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.