Spread the love

පොතුවිල් ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක් ගෙන ලැගුම්ගෙන සිටි ස්වීඩන් ජාතික සංචාරකයෙකු ලබාගත් ආහාර පාන සඳහා මුදල් නොගෙවූ බව පවසමින් ඔහුට අතින් පයින් හා පොල්ලකින් පහර දී තිබේ.


ඒ හේතුවෙන් එම හෝටලයේ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පහරකෑමට ලක්වූ මෙම සංචාරකයා තම දිවි බේරා ගැනීමට පොතුවිල් මහා මාර්ගය හරහා රාත්‍රියේදී දිව යාමේදී මෝටර් රථයක ගැටී තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුළත් කර ඇත.

පහර දෙන අවස්ථා වනවිට මෙම සංචාරකයා සතුව තිබූ යුරෝ 300ක් සහ ජංගම දුරකථනයක් ද අස්ථානගත වී ඇතැයි ඔහු කළ පැමිණිල්ලේ සඳහන් පොලිසිය කියා සිටියි.

පහර දුන් බව කියන පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.