Spread the love

පොලිසිය විසින් සිදුකරන ලද වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදිය සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන, පින්තූර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම ප්‍රචාරය කිරීම තහනම් කරමින් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ මඩකලපුව මීනගයා දුම්රියේ දරුවකු අතහැර යාමේ සිදුවීම සම්බන්ධයෙන් එම දරුවාගේ මම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ආකාරය වීඩියෝ දර්ශන ප‍්‍රධාන පෙළේ සියලු මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුවයි.

බණ්ඩාරවෙල පොලිසිය විසින් මෙම දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයට ලබා දී තිබින.

පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් එම සැකකරු අපහසුතාවයට පත්වන බවත් පොලිස් ඉදිරි මෙහෙයුම් වලට බාධාවක් වන බවත්ය.

එමෙන්ම පොලිසිය මගින් සිදුකරන වැටලීම් සඳහා මාධ්‍ය කණ්ඩායම රැගෙන යාම නවතන ලෙසද පොලිස් මූලස්ථානය දන්වා තිබේ