Spread the love

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බවට විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමතිවරයා පවසන්නේ නොරොච්චෝල 3 වන ජනන යන්ත්‍රයේ අප්‍රේල්

මාසයේදී විශාල නඩත්තු කටයුත්තක් කිරීමට නියමිතව තිබුණ බවය.

කෙසේ වෙතත් අඛණ්ඩ බල සැපයුමක් සහතික කිරීම සඳහා, ලංවිම සතු ඩීසල් සහ ඉන්ධන බලාගාර භාවිතා කරනු ඇති බවත් බිඳවැටීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් ඇමතිවරයා කියයි.