Spread the love

කොටහේන පරමානන්ද මාවතේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථ කාර්මිකයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වෙඩිතැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැත.