Spread the love

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත්බිම් වල පිහිටි බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ පන්ති කාමර කිහිපයක් සහ ඒ අවට පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වි ඇත.


බගවන්තලාව ප්‍රදේශයට අද දින පස්වරු ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය සහ කෙසෙල්ගමුඔයට ජලය ගලා බසින ඇළ මාර්ග කිහිපයක් පිටාර ගැලිමෙන් මෙම ආපදා තත්ත්වය සිදු වි ඇත.

පාසලේ පන්ති කාමර වලට ජලය කාන්දු විමත් සමග පාසලෙන් ළමුන් ඉවත් කිරිමට එම විදුහලේ විදුහල්පතිවරයා පියවර ගෙන තිබුණි.

මේ අතර බගවන්තලාව කොටියාගල වතුයායේ පහල කොටසේ කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා කොටියාගලඔය පිටාර ගැලිමෙන් අවට පිහිටි වතු නිවාස කිහිපයක් ජලයෙන් යට වි ඇත.