Spread the love

දැනටමත් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව තවත් පීඩාවට පත් කිරීමේ වැඩ වර්ජන මේ මොහොතේ සුදුසු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.
වැඩ වර්ජන සිදු කළ යුත්තේ හිතුවක්කාර පාලකයන් මට්ටු කිරීමට මිස ජනතාව තවත් පීඩාවට පත් කිරීමට නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය උද්ඝෝෂණ වැඩවර්ජන කරන්නේ ජනතාවගේ පැත්තේ හිඳීමෙන් මිස ෆැෂන් එකට හෝ රැල්ලට නොවන බව ද හෙතෙම පැවසීය.