Spread the love

පනාගොඩ යුද හමුදා කඳවුරේ ආරක්ෂක කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබළෙකු හට නිකුත් කරන ලද ටී – 56 වර්ගයේ ගිනිඅවියක්, පතරොම් 90ක් අඩංගු පතරොම් ගැබ් 3ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ටාශය විසින් සිදුකළ විශේෂ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවිය සහ උණ්ඩ සොරකම් කරන ලද හිටපු යුද හමුදා සෙබළෙකු හා අදාළ සෙබළාට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් තවත් යුද හමුදා සැරයන්වරයෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා මිද්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර යුද හමුදා සැරයන්වරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුවන් අද (16) දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.