Spread the love


නිමල් රාජපක්ෂ-

, ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ, දූදරුවන්ගේ කලා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිව ඓතිහාසික රිදීගම රාජ මහා විහාර භූමියේ ඉදිකළ රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානය පෙරේදා (11) ජනතා අයිතියට පත් කළහ‍

මේ තුළින් දරුවන්ගේ කලා කුසලතා වැඩිදියුණු ප්‍රධාන අරමුණ බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
ප්‍රදේශයේ ආරාධිත කලා ශිල්පීන් ගේ ප්‍රධානත්වයෙන් රිදීගම සංස්කෘතික මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම සිදු කළහ. එහි දී ප්‍රථමයෙන්ම ආරාධිත අමුත්තන්
ලෙස සහභාගී වූ ප්‍රවීන මුද්‍රා නාට්‍ය ශිල්පී නාට්‍ය විශාරද නිමල් නවරත්න ,ප්‍රවීන ලේඛිකා චන්ද්‍රා පිටියේගෙදර ඇතුළු ප්‍රදේශයේ ප්‍රවීන කලා ශිල්පීන්,අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් ඉමහත් ගෞරවයෙන් පිළිගණු ලැබුහ.

එම කලා ශිල්පීන් විසින්ම තම ප්‍රදේශයේ සංස්කෘතික මධ්‍යස්ථාන සමරු ඵලකය නිරාවරණය කිරීමත් විශේෂත්වයක් වුහ. ප්‍රදේශයේ දරුවන්ගේ ගායන නර්තනාංග වලින් අලංකාරවත් වූ මෙම අවස්ථාව තුළින් ප්‍රදේශයේ අනාගත දරුපරපුරට, විශාල පිරිසක් මැද තම හැකියාවන් ඉදිරිපත් කිරීමට ලැබීමම සුවිශේෂී අත්දැකීමක් බවට පත්වුහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ වින්සද් වාර්ගික කාරක සංඝ සභික, ඓතිහාසික රිදීගම රාජ මහා විහාරය ඇතුළු විහාරස්ථාන කිහිපයක
භාරකාරත්වය දරණ අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී මංජුලා දිසානායක , හිටපු පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රී ආර්.ඩී.විමලදාස ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් සහභාගී වුහ..

,