Spread the love

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට යයි .එම වැඩි පිළිවෙල ඉදිරි සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතියි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෙම වැඩ පිළිවෙලට අනුව සාමූහික ගිවිසුම්වලින් ඉවත් වීම , මූල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර වෙයි. ඊට අමතරව
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු නියෝජිත ආයතනය සහ ජයිකා ආයතනය සහය ලබාදීමට තීරණය කර ඇත.