Spread the love

කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා මෙරටට රැගෙන ඒම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද මැඩගස්කරය බලා පිටිත්ව යාමට නියමිතයි.

සැකකරු මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු සමග සලිදු මල්ෂික නොහොත් කුඩු සලිදු ද අත්අඩංගුවට ගැණුනා.

මොවුන් අත්අඩංගුවට ගත් බවට ජාත්‍යන්තර පොලිසිය විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.

ජාත්‍යන්තර පොලිසිය සමග එක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.