Spread the love

නිමල් රාජපක්ෂ-

හෙට්ටිපොල තිසෝගම , පාදෙණිය දැදුරුඔය ප්‍රදේශයේ පවත්වාගෙන නිති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර පහක් වටලා රුපියල් ලක්ෂ තුනක් වටිනා මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් 5 දෙනෙකු වයඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්පැන් තොගයේ කසිප්පු ස්ප්‍රීතු මි.ලී. 15000ක්, ගෝඩා මි.ලී. 712000 ක්,බැරල් 15ක් ඇතුලු පෙරීම සඳහා යොදාගන්නා උපකරණ තොගයක් තිබු බව වයඹ සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ මහතා පවසයි.


සැකකරු වන් ඉතා රහසිගතව කාලයක් තිස්සේ මඩ ගොහුරු හා ඹයවල් ආශ්‍රිතව මත්පැන් ජවාරම සරුවට කරගෙන ගොස් ඇති අතර ආදාල ප්‍රදේශවලට නිෂ්පාදිත මත්පැන් බෙදා හරින බවද ප්‍රශ්න කිරීමේදි හෙලිවි තිබේ.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වාරියපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වයඹ පළාත (1) සහකාර සුරාබදු කොමසාරිස් කපිල විජේසිංහ මහතාගේ උපදෙස් මත ,කුරුණෑගල සුරාබදු අධිකාරි ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,වයඹ පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ සුරාබදු ස්ථානාධිපති නලින්ද ප්‍රසන්න කුමාර මහතාගේ මෙහෙයවීමෙන්, සුරාබදු පරීක්ෂකවරුන් වන මංගල පෙරේරා, සම්පත් කරුණාදාස, බී.එල්. විජේසිංහ,සුරාබදු සැරයන් 752 නානායක්කාර, සුරාබදු කෝප්‍රල්වරුන් වන 661 අනුර හේරත්, 669 රත්නායක, 776 ෂෙල්ටන්, 785 මංජුල, 907 අජිත් ශාන්ත, 936 වෑදණ්ඩ, 979 බණ්ඩාර, සුරාබදු නියාමක 1046 ජයසේකර, සුරාබදු රියදුරුවරුන් වන චන්ද්‍රසේන සහ නිශ්ශංක යන නිලධාරිහු
මෙම වැටලිම සිදු කළහ.