Spread the love

.ගාල්ල විජේසිංහ

පිටිගල මාපලගම මාර්ගයේ මානම්පිට මංසන්ධි යතුරැ පැදියක් මාර්ගස්ථ මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කල බව පිටිගල පොලිසිය පවසයි.
මෙලෙස අනතුරින් තුවාල ලබා ඇත්තේ ජාතික පාසලක උසස් පෙල අධ්‍යාපනය හදාරන සිසුන් දෙදෙනෙකි
තුවාලකරුවන්ගේ වයස අවුරුදු 18 කි.යතුරු පැදියට වේගය පාලනය කර කරගත නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවට පොලිස් පරීක්ෂණ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
අනතුර සම්බන්ධයෙන් පිටිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

විඩියෝව නරඹන්න SUBSCRIBEකරන්න