Spread the love


නිමල් රාජපක්ෂ-

ශ්‍රි ලංකා ජලජිවි වගා සංවර්ධන අධිකාරිය 2020 වසරේ සිට මේ දක්වා සියලු අංශයන්හි විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව එම අධිකාරියේ සභාපති ආචාර්ය ජයන්ත විජයරත්න මහතා පවසයි.

River prawn or river shrimp


මෙරට විදේශ විනිමය ලබා ගැනිමේ ප්‍රධාන ආයේජන භණ්ඩයක් ලෙස ද ජනතාව තුළ ප්‍රෝටින් අවශ්‍යතාවය සපුරා ලිම සදහා ජලජිවි කර්මාන්තය ප්‍රධාන අංශයක් වන අතර ඒ මගින් රට අභ්‍යන්තරයේ ඇති වැව් හා පොකුණු ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තය,මිරිදිය ඉස්සන් කර්මාන්තය ව්‍යාප්ත කිරිමේ දි 2020 වසර තුළ පමණක් මත්ස්‍ය පැටවුන මිලියන 94.5 තැන්පත් කර ඇත. පසු ගිය වසරේ මිලියන 114.6 දක්වා වර්ධනය කිරිමට කටයුතු කර තිබේ.

. තවද රටේ බොහෝ ප්‍රදේශ ආවරණය වන ආකාරයට ජලජීවී වගා ව්‍යාප්ති කාර්යාල පිහිටුවා ඇති බවත් එමගින් ජලාශ වලට අවශ්‍යය මත්ස්‍ය පැටවු නිෂ්පාදනය සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
2022 වර්ෂයේදි ජලජිවි නිෂ්පාදන මෙ.ටෝ.116,840 විදේශයට අපනයනය කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 14.077 උපයාගෙන ඇත.
පසුගිය කාලවල පැවති කොවිඩ් වසංගතය හා ඉන්ධන අර්බුදය වැනි ආර්ථික ගැටලු හමුවේ වුවද ජලජිවි වගා ව්‍යාප්ත කිරිම සදහා විශාල මෙහෙයක් තම ආයතනය දරා ඇති බවත් එමගින් මිරිදිය මත්ස්‍ය වගාව හා මිරිදිය ඉස්සන් වගාව ජනතාවගේ අවශ්‍යතාවයන්ට අනුව සපුරා ලිමට ප්‍රමාණවත් නිෂ්පාදනය පසුගිය වසර මෙන් දෙගුණයකින් වැඩි කිරීමට ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ උපදේස් පරිදි තම ආයතනය කටයුතු කරමින් සිටින බව ද සභාපති වරයා වැඩි දුරටත් පැවසීය.