පදවිය යාය එක සමගි මාවත ප්රදේශයට (19) රාත්රියේ කඩා වැදුනු වන අලි රංචුවක පහරදීමකින් ගැබ්බර ගවදෙනක් මිය ගොස් විශාල වගා හානියක්ද සිදුකොට පලාගොස් ඇතයි ප්රදේශවාසීන් පවසති.
සිවිල් ආරක්ෂක බලකාය මෙන්ම වනජීවි නිලධාරීන්ගේ අධීක්ෂණයන් ක්රියාත්මක වන අලිවැටද කඩාගෙන මෙම අලි රංචුව රාත්රි කාලයේදී සමගිමාවත ප්රදේශයට කඩාවැදී ඇති අතර එහිදී ගෙවත්තක බැඳ සිටි ගැබ්බර ගවදෙනකට පහරදී මරා දමා ඇත.
තවද ප්රදේශයේ කුඹුරු යායකටද හානි කොට ඇති අතර කෙසෙල් සහ පොල් ඇතුලු වගාවන් රැසකටද හානි සිදුකිරීම හේතුවෙන් ප්රදේශවාසී ජනතාව පීඩාවන්ට පත්ව සිටිති.
පදවිය එකේ කනුව, සමගි මාවත, බිසෝ කොටුව ප්රදේශවාසී ජනතාව කාලයක සිට මෙලෙස වනඅලි තර්ජනයට ලක්ව සිටින අතර ඉක්මන් විසඳුමක් ලබාදෙන ලෙසට ප්රදේශවාසීන් බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිති.