Spread the love

පෙට්‍රල් 92 ලීටරයකින් රු.16.21ක ලාභයක් ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රු. 3.25ක ලාභයක් ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව උපයා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

පෙට්‍රල් 95 ලීටරයකින් උපයා ඇති ලාභය රු.109.44ක් වන අතර සුපර් ඩීසල් ලීටරයකින් උපයා ඇති ලාභය රු.11.64ක් වන බවත් කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් තවමත් රු. 21.49ක පාඩුවකින් සංස්ථාවට අත්වන බවත් අමාත්‍යවරයා පෙන්වාදෙයි.