Spread the love

නිමල් රාජපක්ෂ-


ඉන්දියාවේ බිහාන් ප්‍රාන්ථයේ නීති විරොධී මත්පැන් භාවිතයෙන් හතළිහකට වැඩි පිරිසක්ව මෑතකදී මරණයට පත්විය .මෙය අපට ඉතාමත් හොද පණිවිඩයක් .නිති විරෝධී මත්පැන් වල නිසි ප්‍රමිතියක් නැහැ. ඒවා සම්බන්ධ නෛතික අධීක්ෂණයක් නැහැ.එම නිසා නීති විරෝධී මත්පැන් භාවිතයෙන් වැඩි අන්තරාකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව සුරාබදු කොමසාරිස් (නිීති ක්‍රියාත්මක කිරීම්) ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.
විදේශීය මත්පැන් ආනයනය කිරීම් සම්බන්ධයෙන්ද විදේශ මත්පැන්වර්ග ආකාරයට සකස් කරන ලද ආදේශක මත්පැන් වෙළද පලට පැමිණිමේ අවධානමක් ඇත . එම නිසා මත්පැන් පානය කිරීමට අවශ්‍යනම් ඒ සමබන්ධයෙන් සුරාබදු බලපත්‍ර ස්ථාන වලින් පමණක් ලබා ගන්න.
මත්පැන් වලට අමතරව මත්ද්‍රව්‍ය වලට තරුණ ප්‍රජාව පෙලබීමට මත් ජාවාරම් කරුවන් දැඩි පරිශ්‍රමයක් දරයි.එම නිසා දෙමාපියන් හා ගුරුවරුන් තම දරුවන්ගේ සිසුන්ගේ හැසිරීම් සම්බන්ධ යෙන් දැඩි අවධානයෙන් සිටින්න .

උත්සව සමයේ නොයෙක් ආකාරයේ උත්සව සදහා දරුවන් යාමේදී විශේෂ අවධානයක් යොමු කරන්න . නිති විරෝධී මත්පැන් මත්ද්‍රව්‍ය සම්බන්ධයේ තොරතුරක්’ ඇතොත් 1913 දුරකථන අංකයට කිසිදු බිියක් සැකක් නොමැතිව තොරතුරු ලබාදෙන්න. තොරතුරු ලබා දෙන්නාගේ රහස්‍ය භාවය රකින බවද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය.

වීඩියෝව නරඹන්න subscribe කරන්න