Spread the love

පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන යටතේ මිනුවන්ගොඩ, මාරපොළ මහා විද්‍යාලය (ජාතික පාසල) වෙත බිත්ති පුවත්පත් පුවරුවක් හා සන්නිවේදන පොත් කට්ටලයක් ප්‍රදානය කිරීම අද (20) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

ගම්පහ සහකාර දිස්ත්‍රික් ලේකම් එම්.එම්. නිලන්ති කුමාරි මහත්මිය විසින් මාරපොළ මහා විද්‍යාලයේ විදුහල්පති එස්.ඒ.එස්. පුෂ්පකුමාර මහතා වෙත අදාළ උපකරණ පරිත්‍යාග කරන ලදී.
අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් මත ජනමාධ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව , ජාතික අධ්‍යාපන ආයතනය සමග ඒකාබද්ධ වෙමින් මෙම පාසල් මාධ්‍ය සමාජ ප්‍රවර්ධන ජාතික වැඩසටහන ක්‍රියාත්මක වන බව එම වැඩසටහනේ අධික්ෂණ නිලධාරී හර්ෂ බී. අබේකෝන් මහතා පැවසීය.
මේ අවස්ථාවට එම විද්‍යාලයේ සන්නිවේදන හා මාධ්‍ය අංශ භාර ආචාරිනී, ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය සම්බන්ධීකාරක ඒ.ඩබ්.ඒ. සමන්ති වංශනාථ මහත්මිය හා පාසල් දරුවන් එක්ව සිටියහ