Spread the love


උතුරු දුම්රිය මාර්ගයේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් 2023 ජනවාරි මස 5 වැනි දින සිට මාස 5 ක කාලයක් අනුරාධපුරය හා වව්නියාව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය වසා තැබෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි (ගමනා ගමන) ඒ.බි.ඊ සෙනෙවිරත්න මහතා පවසයි.
ඒ අනුව අදාල මාස පහ තුළ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය වන්නේ කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දුම්රිය ස්ථානය දක්වා පමණක් බව ද සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් සදහන් කළේය.