Spread the love

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අද (16) දින නියම කර තිබේ.

ඒ එම නඩුව අද පළමු ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ එම නඩුව ලබන වසරේ මාර්තු 21 වනදා කැඳවන ලෙසය.

2015 වසරේ පෙබරවාරි 27 වනදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රජයට අයත් රුපියල් මිලියන 688ක අලාභයක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්,  පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ කරුණු දැක්වීම සළකාබැලූ විනිසුරු මඩුල්ල පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අවසන් වරට පැමිණිල්ලට එලෙස දින ලබාදීම සිදුකර තිබුණි