Spread the love

බිත්තර සඳහා දැනට ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල අද දින සිට අහෝසි වී තිබේ.
මේ තත්ත්වය ඇති වන්නේ අද දිනයේ දී පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අභියාචනාධිකරණ නියෝග මත සුදු බිත්තරයක් රුපියල් 42 සහ රතු බිත්තරයක් රුපියල් 44 මිලට නියම කරන ලද උපරිම සිල්ලර මිල සඳහා, බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණය ඉදිරියේ සිය විරෝධය පළ කිරීමත් සමගය.


එම නිෂ්පාදකයින් විසින් පැවති පාලන මිල අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඊයේ ඉදිරිපත් කරන ලද අවස්ථාවේ එතෙක් පැවති උපරිම සිල්ලර මිල පිළිබඳ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටවූ අධිකරණය ඒ අනුව අද දින යළිත් පාරිභෝගික අධිකාරිය නව සිල්ලර මිලක් ඉදිරිපත් කිරීමට නියෝග කළේය.

ඒ අනුව පැවති උපරිම සිල්ලර මිලටත් වඩා අඩුවෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කළ මෙම මිල ගණන්වලට බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය සිය විරෝධය පල කළේය.

මේ තත්ත්වය මත අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රශාන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපති මෙම පෙත්සම් විභාගය පෙබරවාරි 6 වෙනිදාට කල් තැබීමට තීරණය කළහ.

මෙම තත්ත්වය මත දැනට ක්‍රියාත්මක වූ උපරිම මිල ද ක්‍රියාත්මක වන්නේ නැත.