Spread the love

මෙක්සිකෝවේ මාතර ප්‍රදේශයේ පුද්ගලයකුගේ නමට එවාතිබු කුරියර් පාර්සලයක් පරික්ෂා කිරීමේදී එම බෑගයේ සුක්ෂම ලෙස සගවා තිබු රුපියල් මිලියන දහතුනක් වටිනා Methamphetamine මත්ද්‍රව්‍ය තොගයක් සමගින් එක් සැකකරුවකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ Methamphetamine නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 650 ක් තිබු බව රේගුමාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.


මෙක්සිකෝවේ සිට මෙරටට එවු විශාලතම මත්ද්‍රව්‍ය තොගයද මෙය බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් පවසයි. .
අදාල පාර්සලය පරික්ෂාව කිරීමේදී අදාල බෑගයේ ඉතා සුක්ෂම ලෙස සගවා තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සොයා ගත් අතර පාර්සලය රැගෙන යාමට පැමිණි පුද්ගලයාද එ් මෙහොතේම කොටු කරගෙන ඇත. ඉතා සුක්ෂම ලෙස බෑගයේ මත්ද්‍රව්‍ය සගවා තිබු අතර අදාල පුද්ගලයාගේ හැසිරීම් රටාවේ වෙනසක් තිබු අතර නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්වී ඇත.
අදාල සිද්ධිය පිළිබද රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් , පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශයේ නිලධාරීන් ද ඒ සදහා සහයෝගය ලබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වයි.