Spread the love

ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන් සඳහා එරට රජය විසින් නව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍ය රජය විසින් එම උපදෙස් මාලාව නිකුත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ ඖෂධ, ආහාර, ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවල හිඟයක් පවතින අතර දිනපතා විදුලි විසන්ධි වීමක් ද සිදුවන බව බ්‍රිතාන්‍ය රජය දැනුම් දී තිබේ.

එබැවින් ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේනම් සුදුසු සංචාරක රක්ෂණයක් ලබාගෙන ඉන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන්නේදැයි පරීක්ෂා කිරීම වැදගත් බව බ්‍රිතාන්‍ය රජය පෙන්වා දෙයි.

ආර්ථික අර්බුදයට එරෙහිව පවත්වන විරෝධතා විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බැවින් එවැනි ස්ථානවලට යාමෙන් වළකින ලෙසත් සංචාරක උපදෙස් සහ දේශීය මාධ්‍ය හරහා සිදුකරන දැනුම්දීම් පිළිබදව යාවත්කාලීනව සිටිය යුතු බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය වැසියන්ට එරට රජය දැනුම් දී තිබේ.