Spread the love

LPL තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 6කින් ජයගැනීමට ජැෆ්නා කන්ඩායම සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 172ක් පමණි.

එහිදී කොළඹ කණ්ඩායමට බලාපොරොත්තුවක් එක්කළ ඉනිමක් ගොඩනැගීමට නායක මැතිව්ස් සමත්විය.

මැතිව්ස් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් එල්ලකරමින් පන්දු 38කදී ලකුණු 73ක් රැස්කරගත්තේය.

Benny Howell ඔහුට අගනා සහායක් ලබාදෙමින් ලකුණු 43ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

කෙසේවෙතත් ඔවුන්ගේ ප්‍රහාරය තරගයේ ජයග්‍රහණය ට ප්‍රමාණවත් නොවීය.

කොළඹ කණ්ඩායමේ බලාපොරොත්තු සුන්කරමින් පන්දු යැවීමේදී විජයකාන්ත් සහ James Fuller කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

තිසර පෙරේරා, මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැගින් දවාගත්තේය.