Spread the love


ඉන්දියාව ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වීසා බලපත්‍ර ලබාදීම යළි ආරම්භ කර තිබෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඒ අනුව ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට පහසුවෙන් වීසා අයදුම් කළ හැකි වෙයි.

සංචාර සඳහා, ව්‍යාපාර කටයුතු, සම්මන්ත්‍රණ සහ තවත් බොහෝ දේ සඳහා ඉන්දියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මේ පහසුකම් විවෘත වන බවයි සඳහන් වන්නේ. වීසා අයදුම් කිරීම සඳහා https://indianvisaonline.gov.in/evisa/tvoa.html වෙබ් අඩවියට පිවිසිය හැකියි.