Spread the love


තොරතුරු දැනගැනීමේ  පනත සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තොරතුරු දැනගැනීමේ අයිතිය, ජනතාවට අවශ්‍ය තොරතුරු බාධාවකින් තොරව ලැබීමට ඇති හැකියාව, තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් රජයේ ආයතනවල ඇති හැකියාව, තොරතුරු ඉදිරිපත් කිරීමට ඇති වගකීම මෙන් ම තොරතුරු බලධාරියා පිළිබඳවත් මෙහිදී දැනුවත් කෙරිණි.

මෙදින වැඩසටහනේ සම්පත් දායකයා ලෙස ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතා කටයුතු කිරීම විශේෂත්වයක් විය.

මේ අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් නිලන්ති කුමාරි මහත්මිය ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීහු එක්වුහ.