Spread the love

ඹහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය මාර්ගය වෙත ගස් කඩා වැටීම හේතුවෙන් අද දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියයන් දෙකම අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කොට ඇත.
හමාගිහ තද සුළගත් සමගින් විශාල ගස් දුම්රිය මාර්ගයට වැටී දුම්රිය මාර්ගය මීටර් ගණනාවක් නොපෙනී ගොස් තිබිණ . දුම්රිය මාර්ගයට වැටී තිබෙන ගස් කපා ඉවක් කිරීම මේවනවිටත් සිදු කරන අතර මාර්ගයට සිදුවී තිබෙන අලාභය හානි කඩිනමින් පිළිසකර කර දුම්රිය ධාවනය කිරිමට පියවර ගන්නා බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.