Spread the love

එළබෙන නව වසරේ සුරාබදු දෙපාර්තුමේන්තුව රසෙක් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවමින් ඹන්ලියින් තාක්ෂණය උපයෝගී කරනගෙන සිය රාජකාරි කටයුතු සිදු කෙරේ. ඒ අනුව මත්පැන් හා දුම්කොල ආදී කටයුතු සියල්ලද පරිගනක තාක්ෂණය යටතේ ,(ඹන්ලයින් ක්‍රමවේදය) ක්‍රියාවට නංවන බව සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම් ) ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පවසයි.
මීට අමතරව සිය රුපියල් මිලියන සියයක වියදමකින් පුගොඩ ප්‍රදේශයේ රසායනාගාරයක්ද ඉදිකිරීමට නියමිතය. මත්පැන් නියමිත ප්‍රමිතියට අනුව ක්‍රියාත්මක වන්නේද යන්න මේතුළින් පරික්ෂාවට ලක් කිරීමට නියමිතය. මෙමගින් නිසි ප්‍රමිතියෙන් යුතු මත්පැන් නිෂ්පාදනාගාර වලින් නිපද වන්නේද ,ජනතාවට නියම ප්‍රමිතියෙන් යුතු ම්ත්පැන් වෙළද පලට නිකුත් කරන්නේ ද යන්න පරික්ෂාවට ලක් කෙරේ. මීට අමතරව කූට ජාවාරම් කරුවන් නිතියේ රැහැනට හසුකර ගැනීමට ද මෙම රසායනාගාරය ඉවහල් වනු නොඅනුමානයි. පුගොඩ රසායනාගාරයේ ශාඛා දෙකක්ද සීදුව හා කළුතර ප්‍රදේශයේද පිහිටු වීමට නියමිතය.


මෙතෙක් ශ්‍රී ලංකාවේ නීති විරෝධී ලෙස (නිසි ප්‍රමිතියකින් තොරව )නිෂ්පාදිත බිඩි සදහාද මෙවර අයවැයෙන් නීති සම්පාදනය කොට තිබේ .වසරකර ප්‍රමිතියකින් තොරව නීති විරෝධී ලෙස බීඩි මිලියන හතරක් පහක් පමණ නිෂ්පාදනය කොට වෙළද පලට නිකුත්කෙරෙන බවට තොරතුරු අනාවරණය වෙයි. නමුත් මින් ඉදිරියට ප්‍රමිතිගත ලෙස බීඩි කර්මාන්තය පවත්වා ගෙන යායුතු වෙයි.සුරාබදු දෙපාර්තුමේන්තුවේ අනුමැතිය ඇතිවි ප්‍රමිතිගත බීඩි නිෂ්පාදනය කළ යුතු වෙයි. නිෂ්පාදිත එක් බීඩියක් සදහා රුපියල් 2 ක බද්දක් අයකිරිමට නියමිත බවද ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු සුරාබදු කොමාසාරිස්වරයා ,
වීඩියෝව නරඹන්න subscribe කරන්න