Spread the love

ජනතාවට ජීවත්වීමට සුදුසු වටපිටාවක් ඇති වෙන තුරු අරගල කරන බව බවත් මර්දනය හා සිරගත කිරීම කෙටි නවාතැන්පළවල් පමණක් බවත් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වල සිරිධම්ම හිමියෝ සඳහන් කළහ.

උන්වහන්සේ මේ බව කියා සිටියේ දින 108 ක රැඳවුම් කාලය නිමා කර අධිකරණයෙන් ඇප ලබා පිටතට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

ජනතාවට ජීවත් වීමට ක්‍රමයක් ඉල්ලා අරගල කරද්දි පාලකයන් ඊට මුහුණ දෙන්නේ මර්දනයෙන් බවත් අරගලය අවසන් කළ හැක්කේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් දීමෙන් පමණක් බවත් උන්වහන්සේ කියා සිටියහ.

ඒ වෙනුවෙන් හඬ නගන පුද්ගලයන් සිරගත කිරීමෙන් ප්‍රතිඵලයක් නැති බවත් පාලකයන් දැන්වත් එය අවබෝධ කළ යුතු බවත් උන්වහන්සේ තවදුරටත් එහිදී පැවසූහ.