Spread the love

මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීමට උපරණ 5000 ක් රැගෙනවිත් තිබෙන බැවින් ලබන වසරේ මුල සිට බස්නාහිර පළාතන් මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරක් කොටු කර ගැනීමේ වැඩ සටහන ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

කොකේන්, හෙරොයින් වැනි අනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් වාහනවල ගමන් ගන්නා රියදුරන් මෙම උපකරණ තුලින් පහසුවෙන් කොටු කර ගතහැකිවෙයි. එම උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බවත් ඒ හරහා මාර්ගයේ දීම ඔවුන්ව ක්ෂණික පරීක්ෂාවකට ලක් කළ හැකි වෙයි. . මත්ද්‍රව්‍ය හේතුවෙන් වසරකට 400 ක් පමණ අනතුරුවලින් මියයන බවත් එය අවම කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න විහාරමහාත දේවි උද්‍යානයෙදී ී ඊයේ පැවසුවේය.