Spread the love

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගය අද (30) පැවැත්වීමට නියමිතය.

දිවා රාත්‍රි තරගයක්  ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 02.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 60කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණි.

නමුත් දෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ඇත්හැර දැමීමට තරග
තීරකයින් තීරණය කළේය.

දෙරට අතර පැවත්වෙන එක්දින තරගාවලිය එකට බිංදුවක් ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට ඉදිරියෙන් පසුවෙයි.

ඒ අනුව, එක්දින තරගාවලිය ජය ගැනීම සඳහා මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් වනු ඇත.