Spread the love

ජනාධිපතිතුමා ලඟක ඉදන් ජනතාව බය කරන්න හදනවා. විවිධ තර්ජන කරනවා. අපි ජනාධිපතිතුමාට කියනවා යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ කියලා. ” ආචාර්ය නාලක ගොඩහේවා මෙසේ පැවසූවේ නොවැම්බර් 27 දා මීරිගම ශාමියා හෝටලයේ පැවති “නිදහස වෙනුවෙන් සියනෑ කතිකාව ” සමුළුව අමතමිනි.

නිදහස ජනතා සභාව නියෝජනය කරමින් මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහපෙරුම, චරිත හේරත්, චන්න ජයසුමන ඇතුලු සියලූම මංත්‍රීවරුන් ආචාර්ය නාලක ගොඩහේවා විසින් සංවිධානය කොට තිබූ මේ සමුලුවට සහභාගී වී සිටියහ.

සමුලුව අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා තවදුරටත් මෙසේ පැවසීය ” එදා මහ බලයක් තිබුන යහපාලන ආන්ඩුව කාලෙත් මහ බැඳුම්කර මංකොල්ලයට, හම්බන්තොට වරාය විකුණනවට අපි විරුද්ධව කතා කලා වගේම අපි අදත් බය නැතුව ජනතාව වෙනුවෙන් කතා කරනවා.

තව අවුරුදු 3 ක් තනතුරු වරප්‍රසාද දරාගෙන බලයේ ඉන්න පුලුවන්කම තියෙද්දී තමයි අපි ඒ ඔක්කොම අතඇරලා ඇවිත් ජනතාවගේ පැත්තේ හිටගත්තේ. ඒ නිසා බය කරලා කට වහන්න නම් හිතන්න එපා” සමුළුව අමතා මහාචාර්ය ජී එල් පීරිස්, ඩලස් අලහපෙරුම, චරිත හේරත් හා චන්න ජයසුමන මංත්‍රීවරුන්ද කතා කලහ.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න