Spread the love

වැලිගම පොලිස් වසමේ වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08දෙනෙක් අත්අඩංගුවට ගෙන ති‌බේ.

වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (27) අලුයම එම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන වැලිගම, රනාල, තිස්සමහාරාමය, කනංකෙ, තෙලිජ්ජවිල, වංචාවල සහ බෙලිඅත්ත ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් ඊයේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව ඇප මත මුදාහැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය  වැඩිදුර විමර්ශන සිදුකරයි.