Spread the love

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ මහතා අනිද්දා (29) දිනයේ අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම සංචාරය තුළ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කින් ඇතුළු එරට ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදි විදේශ කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමුකිරීමට නියමිත බව වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුව අතර පවතින සාකච්ඡා පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ මෙම සංචාරය තුළ දී අවධානය යොමුවනු ඇත.