Spread the love

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගෙන ඇතැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්ප ත් කළමණාකරණ දෙපාර්තුරම්න්තුව ග⁣⁣ඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව,වයික්කාල, මීගමුව කලපුව ,කපුන්ගොඩ, ප්‍රීතිපුර,කොක්ගල කලපුව,සීතගල්ල,රැකව කලපුව,ලුනම කලපුව,මලාල ලේවාය,කිරින්ද,කුනුකලේ බීච්,එලිෆන්ට් රොක්,සලතිව් දූපත,තඹලගමුව බේ,ගවනර් ඔෆිස්,උප්පුවේලි,සම්පල්තිව් බීච්,අර්යමල්ල බීච්,නයාරු බීච්,නන්දිකඩාල් බීච්,සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන්වේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරින්ට උපදෙස් දුන්නේ සංචාරක අමාත්‍යංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් එම ස්ථාන පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙසයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා පිහිටි වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුද වලට විසඳුම් සොයාගත හැකි බවයි.