Spread the love

පාකිස්තානයේ මහා පරිමාණ විදුලි ව්‍යාපෘතියක් වන Neelum – Jhelum ජලවිදුලි ව්‍යාපෘතියට අයත් උමං මාර්ගය කඩාවැටීමට හැකි බවට අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ ජාතික විදුලිබල නියාමන අධිකාරියේ ප්‍රධානියා පවසා ඇත්තේ උමං මාර්ගය ඕනෑම අවස්ථාවක කඩාවැටීමේ අවදානමක පවතින බවය.

මේ සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පවත්වා ඇති අතර එහිදී ද ජාතික විදුලිබල නියාමන අධිකාරියේ ප්‍රධානියා පවසා ඇත්තේ පවතින බරපතළම ගැටලුව වී ඇත්තේ උමග කඩාවැටුණ හොත් සිදුවන්නේ කුමක්ද යන්න බවය.

එමෙන්ම අදාළ උමං මාර්ගය ඉකුත් ජූලි මාසයේදී වසා දැමීමෙන් අනතුරුව විදුලි පාරිභෝගිකයින් සෑම මාසයකදීම රුපියල් බිලියන 10ක් පමණ ගෙවමින් සිටින බවද විදුලිබල නියාමන අධිකාරියේ ප්‍රධානියා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් පවතින අවදානම්කාරී තත්ත්වය හමුවේ උමං මාර්ගයේ අලුත්වැඩියා කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇති බවද වාර්තා වෙයි.

එහෙත් උමං මාර්ගය පිළිබඳව කිසිදු සහතිකයක් ලබාදිය නොහැකි බවද ඔහු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් අදාළ ජලවිදුලි ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරියා පවසා ඇත්තේ උමං මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණ කිරීමට ලබන වසරේ ජූනි මාසය පමණ ගතවනු ඇති බවය.