Spread the love

අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව ද සමබරව සිදුකළ හැකි බව පසක් කරමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කාණ්ඩායම නියෝජනය කරන ළාබාලතම ක්‍රීඩිකාව වන විෂ්මි ගුණරත්න මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9ටම A සාමාර්ථ ලබාගෙන තිබේ.

ඇය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන සිසුවියකි.

ඇය අද වනවිට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කරමින් සිටී.

එමෙන් මළල ක්‍රීඩාවෙන් ද ඇය ජාතික මට්ටමේ වාර්තා තැබු ක්‍රීඩිකාවකි.

ඇය පැවසුවේ කාලය කළමනාකරණය කරගනිමින් ක්‍රීඩාව මෙන්ම අධ්‍යාපන කටයුතු ද සමබරව සිදුකළ බවය.