Spread the love

ආණ්ඩුවට සම්බන්ධ කුපාඩි මිනිසෙකු ගුරුවරියන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය සඳහන් කරයි.

ගුරුවරියන් පහසු ඇඳුමක් ඉල්ලන්නේ දරුවන්ගේ පියවරුන් සමග යාමට බව එම කුපාඩි මිනිසා ප්‍රකාශ කර ඇතැයි ද පැවසුවේ ඇය එම ප්‍රකාශය සමස්ත ගුරුවරුන්ට මෙන්ම පියවරුන්ටද කළ අපහාසයක් බව ද පැවසීය.

අයවැය කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙම අදහස් පල කරන ලදී.