Spread the love

තමන් ආණ්ඩුකාර ධූරයක් බලාපොරොත්තුවෙන් සිටින්නේ යයි හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කරයි.

දැනට ජනාධිපතිවරයා විසින් ජනාධිපති උපදේශක කමක් ලබා දී ඇති බවත් තමන් ආණ්ඩුකාරධූරය බලාපොරොත්තු වෙන්නේ ඊට අමතරව බවත් හෙතෙම පැවසීය.

ලබන මාසය පමණ වන විට මෙම ආණ්ඩුකාර ධුරය තමන්ට ලැබුණු ඇතැයි ද පැවසූ ඔහු දකුණු පළාත් ආණ්ඩුකාර ධුරය තමන්ට බාර ගන්නැයි ආරාධනාවක් ඇතැයිද කියා සිටියේය.