Spread the love

මැදවච්චිය යකාවැව විද්‍යාලයේ 07 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 05 දෙනෙක් හදිසියේම හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (18) මැදවච්චිය රෝහලට ඇතුලත්කර ඇත.
උණ, වමනය, හිසරදය හා අධික සීතල වැනි රෝගී තත්ත්වයන් හේතුවෙන් මෙම සිසුන් පස් දෙනා රෝහල් ගත කර තිබෙනවා.

එම පංතියේ අධ්‍යාපනය ලබන සිසුවෙක් විසින් රැගෙන පැමිණි සුවඳ හමන කුප්පියක් මෙම සිසුන් ඇගේ තවරාගෙන ඇති බවත් සිසුන් රෝගී වී ඇත්තේ ඉන් අනතුරුව බවත් අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් මැදවච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.